මෙම ක්‍රමයෙන් සුදු රෙදි හැමදාමත් දිදුළන සුදු පැහැයකින් තබා ගන්න පුළුවන්

ගෘහණියන් විදියට සෑම කාන්තාවක්ම නිවසේ වැඩ කටයුතු ඉතාම් පිරිසිදුවට හා ලස්සනට සිදු කරන්න ආශා කරනවා. නිවසේ වැඩ කටයුතු අතරින් ගෙදර රෙදි සේදීම කියන්නේ ගෘහණියන් ගොඩක් සැලකිලිමත් වන දෙයක්. මෙහිදී සුදු පැහැයට හුරු  ඇදුම් වල කුණු පැල්ලම් හොදින් ඉවත් කලේ නැති උනොත් ඒවා ඉක්මණින්ම  අව පැහැයට හැරෙන්න පටන් ගන්නවා. මේසදහා ගෘහණියන් වෙලදපොලේ තියෙන බලසම්පන්න සේදුම් කාරක කුඩු යොදා ගත්තත් ඒවායින් සිදු වන්නේ රෙදි ඉක්මණින් දිරාපත් වීම පැ,පමණයි. සුදු රෙදි හැමදාමත් දිදුළන සුදු පැහැයකින් තබා ගන්න පුංචි එනමුත් ඉතා සාර්ථක රහසක් අද අපි ඔබට කියල දෙනවා. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ මිලෙන් ඉතාමත් අඩු එක් ද්‍රව්‍ය වර්ගයක් පමණයි. ඒ තමයි ඇස්ප්‍රින් පෙති.



හරි අපි දැන් බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මේ සදහා ඔබට අවශ්‍ය වෙනවා මිලි ග්‍රෑම් 300 ඇස්ප්‍රින් පෙති 5ක් පමණ. මේ ඇස්ප්‍රින් පෙති ටික හොදින් කුඩු කරලා ඔබේ රෙදි පොගවා ගන්න අවශ්‍ය වතුර බේසමට දාලා හොදින් මිශ්‍ර කර ගන්න. දැන් ඔබේ සුදු රෙදි ටික මේ බේසමට දාලා රැයක් හොදින් පෙගෙන්න තියන්න. පසුදින උදෑසන මෙම සුදු රෙදි ටික සෝදන අවස්ථාවේ ඔබේ රෙදි සෝදන යන්ත්‍රයටත් ඇස්ප්‍රින් පෙති කිහිපයක් දාලා සාමාන්‍ය විදියට රෙදි ටික සෝද ගන්න


මෙම ක්‍රමයෙන් කිසිම ලෙසකින් රෙදි දිරීමක් හෝ  හානි වීමක් සිදු වන්නේ නෑ. ඒ වගේම වෙලදපොලේ පවතින සේදුම් කාරක වලට වඩා මෙමගින් කාර්යක්ෂම ලෙස කුණු හා දුවිලි පැල්ලම් ඉවත් කිරීම සිදු කරනවා.  එහෙනම් යාලුවනේ මේ රහස් රෙදි සේදුම් සත්කාරය උත්සහ කර බලා ඔබගේ අත්දැකීම් අප සමග බෙදා ගන්නා ලෙස  අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. 

No comments