ආතරයිටිස් රෝගයට සහනය දෙන ආයුර්වේද බෙහෙත් වට්‌ටෝරු 2 ක්‌

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය සමනය කර ගැනීම සඳහා ආයුර්වේදයේ සාර්ථක අත් බෙහෙත් තිබෙනවද 

වෛද්‍ය වසන්ත උදයජීව - ඖෂධ කිහිපයක්‌ම තිබෙනවා. අබ තෙල් කෝප්ප 1 ක්‌ අරගෙන එයට කපුරු (කපුරු බෝල නොවේ) ග්‍රෑම් 10 ක්‌ මිශ්‍ර කර කපුරු සම්පූර්ණයෙන්ම දියවන තුරු තෙල් රත් කරන්න. තෙල් ඇල් මැරුණු පසු ආත්‍රයිටිස්‌ නිසා ඉදිමුණ සන්ධි සියල්ල එම තෙල් වලින් ඉතා හොඳින් සම්බාහනය කරන්න. මෙවිට සන්ධිවල දැඩි බව සහ ඉදිමුම නැතිව යනවා.

ඊළඟ ඖෂධය මුං ඇට සහ සුදුලූනු ඇසුරින් නිපදවන එකක්‌. මුං ඇට මේස හැඳි 3 ක්‌ වතුර මිලිලීටර් 250 ක දමා රැයක්‌ එළිවනතුරු පොඟවා ගන්න. පසු දින මුං ඇටවල අංකුර ඇදුණු පසු සුදුලූනු බික්‌ දෙකක්‌ අඹරා මුංඇට සමග මිශ්‍ර කරන්න. එයට ලුණු සහ ගම්මිරිස්‌ එකතු කර උදේටත් සවසටත් ආහාරයට ගන්න. මුංඇට පිසීමෙන් වළකින්න. සතියක්‌ පමණ මෙම ප්‍රතිකාරය කර ප්‍රතිඵල භුක්‌ති විඳින්න.


මේ වාගේම උසස්‌ ප්‍රතිඵල ගෙන දෙන තවත් බෙහෙතක්‌ කියන්නම්. මේ සඳහා ඉඟුරු කුඩු ග්‍රෑම් 50 ක්‌, උළුහාල් කුඩු ග්‍රෑම් 50 ක්‌ සහ කහ කුඩු ග්‍රෑම් 50 ක්‌ අවශ්‍යයි. මේ සියල්ල හොඳින් මිශ්‍ර කර අසුරනයකට දමා සුළං නොයන සේ හොඳින් වසා තබාගෙන සෑම උදයකම සහ සවසකම තේ හැන්දක්‌ බැගින් අනුභව කරන්න. කුඩු ගතිය නිසා කෑම අපහසු නම් උණුවතුර ස්‌වල්පයක්‌ මිශ්‍ර කර ආහාරයට ගන්න.

උදේට සහ හවසට තල අහුරක්‌ බැගින් දිගටම අනුභව කළ හැකිනම්, ආත්‍රයිටිස්‌ රෝගයට එයත් හොඳ ප්‍රතිකාරයක්‌.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 
0718341834, 0372230667 අංකයට කතා කරන්න
මුලාශ්‍රය - දිවයින පුවත්පත

No comments