ඔබට නිතර නිතර සෙම් රෝග හැදෙනවද - මෙන්න සෙම් රෝග නිට්ටාවටම සුවකර ගන්න විසදුමක්


සෙම්ප්‍රතික්ශාව වැලදීගෙන එන විට

කොත්තමල්ලි,කටුවැල් බටු,අමු ඉගුරු කලන් තුන බැගින් කිරා ගන්න.එයට වතුර කෝප්ප අටක් එකට සිදගෙන එයින් බාගය බැගින්,අනුපාතයට සීනි දමා උදේ සවස දින හතරක් පානය කරන්න. අනුපාතය සදහා සහිද ලූ‍ණු වඩාත් ගැලපේ.

සෙම හා උන සමග එන කැස්ස
 
කොත්තමල්ලි කලන් 3,බැදගත් අමු ඉගුරු කලන් 2,තිප්පිලි කලන් 1 බැගින් ගෙන අට එකට සිදව ගන්න.යල එයටම වී පොරි කලන් 6ක් දමෙකට සිදව ගන්න.මෙයට අනුපාතයට සහිද ලූ‍ණු කළදක් දමා එම කසය ටික හිමිදිරියේ හිස්බඩට පානය කරන්න.

සෙම් කැස්ස සදහා

කටුවැල්බටු,සුවදකොට්ටන්,තිප්පිලි අමු එගුරු කලන් 3 බැගින් කිරාගෙන අට එකට සිදගන්න.මෙයින් බාගයක් ගෙන සිනි දමා උදේ සවස දින 3-4ක් පානය කරන්න.


සෙම් ගෙඩිවලට

නිකමුල්,සිවිය,මුරුංගා පොතු නිල්කටරෝලූ‍ මුල් සම සේ කිරාගෙන හොදින් තම්බා අඩු කෝප්ප බාගයක තරමට මී පැණි සමග පානය කරන්න.

No comments